ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) දිනයේදී අභාවප්‍රාප්ත හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයටද සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහයටද අවසන් ගෞරව දැක්වීය.
තෙවරප්පෙරුම මහතාගේ දේහය තැන්පත් කර තිබූ මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසටද, ආරියරත්න මහතා ගේ දේහය තැන්පත් කර ඇති මොරටුව සර්වෝදය මූලස්ථානය වෙතටද ගිය ජනපතිවරයා පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මීට එක්විය.