පුවත්

පාසල් නිවාඩු කාලය ගැන දැනුම්දීමක්

Published

on

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ කිරීම සඳහා වන කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව තෙවන අධ්‍යයන වාරයේ පළමු අදියර 2024 නොවැම්බර් 22 දිනෙන් අවසන් වීමට නියමිතය.

පාසල් නිවාඩුව 2024 නොවැම්බර් 23 සිට 2025 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මකය.

මෙම කාලය තුළ අ.පො.ස උසස් පෙළ (උ/පෙළ) විභාගය පැවැත්වෙන බව ද අමාත්‍යාංශය සඳහන් කලේය.

තෙවන අධ්‍යයන වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02 සිට 17 දක්වා පැවැත්වේ.

Trending

Exit mobile version