Connect with us

පුවත්

පාස්කු ඉරිදා දිනය අදයි

Published

on

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අද (09) ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලබයි.

පාස්කු ඉරිදා දිනයේ විශේෂ දේව මෙහෙය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රියේදී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වුණි.
පාස්කු මංගල්‍ය වෙනුවෙන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ නිහාල් තල්දුව මහතා පවසන්නේ, ඒ සඳහා පොලිසියට අමතරව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ද අනුයුක්ත කර ඇති බවයි.

මේ අතර, පාස්කු මංගල්‍ය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යන බවයි.

වින්දිතයින්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බවත්, එවැනි සිදුවීම් ඉදිරියට ඇති නොවන බවත්, ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading

පුවත්

DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් 

Published

on

By

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු විදෙස් පාඨමාලාවන් සඳහා එකවර දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අතරින් අට දෙනකුම ගොස් ඇත්තේ ඉන්දියාවේ ලබන 12 වැනිදා තෙක් පැවැත්වෙන පාඨමාලාවක් සඳහාය.

මෙම නිලධාරීන්ගේ රාජකාරී ආවරණය කිරීම සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් යෙදවීමට ද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

මෙලෙස දිවයිනෙන් බැහැර වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධනපාල අබේවික්‍රම, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සුජිත් වෙදමුල්ල, නුවන් මෙන්ඩිස්, උදිත් ලියනගේ, ප්‍රදීප් කළුපහන, සරත් කුමාර, ඉන්දික හපුගොඩ, එච්.සී.ඒ. පුෂ්පකුමාර යන නිලධාරීන් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved