Connect with us

පුවත්

ඉන්දීය නිර්වින්දන ඖෂධයක භාවිතය තාවකාලිකව ඉවතට

Published

on

මෙරට සැත්කම් සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වනපරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙනවා බෙදා හැර ඇතැයි පැවසෙන අතර, එහි කාණ්ඩ 3ක් මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇතැයි පැවසේ.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ මෙරට තුළ තත්ත්ව පරීක්ෂාවකට ලක් කීරීමකට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධය සම්බන්ධයෙන් ලබාදී ඇති සහතිකය සහ වෙනත් රටවල භාවිතය පිළිබද සලකාබලා මෙරට තුළද භාවිතයට ගෙන ඇති බව සඳහන්ය.

(මූලාශ්‍රය : අද දෙරණ)

පුවත්

ලන්සාට අමුත්තා නිසා ජනපතිගේ රෑ කෑමත් එපා වෙයි

Published

on

By

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම එයට සහභාගි වී නැතැයි වාර්තා වේ.

මේ කමිටුවට බැසිල් පැමිණ ඇත්තේ වජිර අබේවර්ධන මහතාගේ යෝජනාවකට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධක් අනුවය.

නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම මෙම කැඳවීම පිළිබඳව මුල සිටම වි‍රෝධය දක්වා ඇතැයි පැවසේ.

“මේ වැඩවලට රාජපක්ෂල සම්බන්ධ කරගන්න එපා. අපි එතැන ඉඳලා ආවේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැරි නිසා.” යනුවෙන් ඔවුන් සිය විරෝධය පල කර තිබේ.

කෙසේ වෙතත් මෙම රැස්වීම ඔවුන් නොමැතිව බැසිල්ගේ සහභාගිත්වය ඇතිව පවත්වා ඇති අතර, එහිදී “රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කැම්පේන් එක කරනව නම් එතැන බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න ඕනෑ. එතුමා නැතුව කරන්න බැහැ.” යනුවෙන් වජිර අබේවර්ධන මහතා පවසා ඇතැයි වාර්තා වේ.

පැතිර යන ආරංචි අනුව වජිර අබේවර්ධන වෙතින් එවැන්නක් මතුවන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “එහෙනම් අපි මෙතුමට කමිටුවේ සභාපතිකම දෙමු.” යැයි යොජනා කළ බවද පැවසේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ එම යෝජනාව උපක්‍රමශීලීව බැහැර කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඔබතුමා ජනාධිපතිවරණයට එනවා නම් ඒ බව රටට දන්වන දිනය ප්‍රකාශ කරන්නට යැයි කියාය.

මේ අතර, ලන්සා ප්‍රමුඛ පිරිස එදින ජනාධිපතිවරයා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද නොපැමිණි බවටද ආරංචි පැතිර තිබේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved