පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් විසින් ගොණු කර ඇති 108කින් ජනපතිවරයා නිදහස් කරන ලෙස අද (01) දිනයේදී කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අතිරේක දිසා අධිකරණ විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය පවසා ඇත්තේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය ප්‍රකාරව ඔහුට මුක්තිය හිමිවන බවයි.
පාස්කු ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් එම නඩු ගොනුකර තිබුණි.