පුවත්

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ නැවත ආරම්භ කළා

Published

on

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ මහ බැංකු මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අදහස් දැක්වු කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා,

“දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දැන් ජනාධිපති නෙමෙයි. ඒ නිසා මුක්තිය නැහැ. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තිබෙනවා. අපි ඉස්සරහට බලමු එහි ක්‍රියාමාර්ග.”

නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී ගත් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

Trending

Exit mobile version