පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිලගෙන් තවත් කතාවක් (වීඩියෝ)

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිටී.

මෙය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීම සඳහා ගම්මන්පිල මහතා පවත්වන දෙවැනි පුවත්පත් සාකච්ඡාව වේ.

ඒ.එන්.ජේ.ද අල්විස් යනුවෙන් හඳුන්වනු ලබන පළමු වාර්තාව සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 21 වනදාය.

එහිදී ඔහු කියා සිටියේ, අදාළ වාර්තාවේ සදහන් පරිදි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද චෝදනා එල්ල කර තිබුණු බවය.

 සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Trending

Exit mobile version