පුවත්

පාස්ටර් ජෙරම්ගේ නඩුවක අධිකරණ මාරු කිරීම ගැන පොලිස්පතිගෙන් අහන බව මහේස්ත්‍රාත් කියයි

Published

on

ආගමික මතභේදයක් ඇතිවන අයුරින් දේශන පැවැත්වූ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ නඩුවක් ගොනුකිරීම පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස අවවාද කළේය.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බරපතල ගනයේ නඩුවක් විභාගවෙමින් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණයේ නඩුවක් ගොනුකර තිබීම නිසාය.

කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කරමින් කියාසිටියේ සංවේදී අධිකරණ කලාපයට කරුණු වාර්තා කළ යුතුව තිබුණ ද එසේ කටයුතු නොකිරීම ගැන කරුණු දක්වන ලෙසයි.

පොලිස්පතිවරයාගෙන් ද මේ සම්බන්ධයෙන් කරුණු විමසන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ජෙරම් ප්‍රනාන්දුට එරෙහි නඩුව වැඩිදුර වාර්තා සදහා අප්‍රේල් 03දා කැදවන ලෙස නියෝග කළේය.

මූලාශ්‍රය – දිනමිණ

Trending

Exit mobile version