Connect with us

පුවත්

පාස්ටර් ජෙරම් අත්අඩංගුවට ගන්න CIDය අවසර ඉල්ලයි

Published

on

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගම් සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා විසින් ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මෙම දැනුම්දීම සිදු කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බව සඳහන් කළ අතර අදාළ දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර දැනටමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් කියා සිටියේය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved