පුවත්

පාස්ටර් ජෙරම් ආයෙත් රිමාන්ඩ් 

Published

on

ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන දේවගැති ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය අද (27) නියෝග කළාය .

අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සීඩී පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .

අන්තර්ජාතික දේශපාලනික හා  ආගමික සම්මුතිවාදී පනත යටතේ අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය .

සබැඳි පුවත් :

පාස්ටර් ජෙරම්ගේ රිමාන්ඩ් වාට්ටුවෙන් මොබයිල් 33ක් සිම් 35ක් සොයාගෙන

පාස්ටර් ජෙරම් රිමාන්ඩ් (Update)

Trending

Exit mobile version