පුවත්

පාස්ටර් ජෙරම් ගේ දෙමාපියන් ඕමල්පේ සෝභිත හිමියන් බැහැදකියි

Published

on

බුදු දහම හා බුදුරජාණන්වහන්සේ සම්බන්ධයෙන් ආන්දොලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරම්  දෙමාපියන් අද (18) දිනයේදි රාමඤ්ඤ මහා නිකායේ සංඝ මුලස්ථානයට පැමිණ ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ බැහැදැක්හ.

ඔවුන් මෙලෙස පැමිණ තිබුණේ පාස්ටර් ජේරම්ගෙන් ප්‍රකාශයෙන් බුදු දහමට බෞද්ධයන්ට සිදු වූ අගෞරව වෙනුවෙන් මහා සංඝරත්නය සහ සමස්ත බෞද්ධ සමාජයෙන් සමාව ඉල්ලීම සඳහාය.

දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවති අතර අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය වෙත අදහස් පළකළහ.

“වැරැද්ද තේරුම් අරගෙන ඒ පිළිබඳව සාකච්ඡාවකට පැමිණ සමාව ඉල්ලනවා නම් බෞද්ධ සමාජයක් හැටියට අපි සමාව දෙන්න සුදානම්. පළමු වටයේ සාකච්ඡාව සුහදශීලීව නිමා වුණා අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව ඉදිරියට අරන් යන්න.”

පාස්ටර් ජෙරම් ගේ මෑණියන් බෙවින් ප්‍රනාන්දු මහත්මිය ද මාධ්‍යයට අදහස් පළ කරමින් මෙසේ කියා සිටියාය.

  “කෝටි වාරයක් අපි සමාව ඉල්ලනවා අපේ පුතාගේ වචනවලින් ලොකු කුඩා සියලු දෙනාටම හිත් රිදීමක් වුනානම් අපිට සමාවෙන්න නායක ස්වාමීන් වහන්සේ අපිට මේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි.”

Trending

Exit mobile version