Connect with us

පුවත්

පාස්ටර් ජෙරම් සිය පෙත්සම ඉල්ලා අස්කරගනියි

Published

on

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම, ඉල්ලා අස්කරගෙන තිබේ.

අද (21) අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසය.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දී තිබේ.

මෙම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස මීට පෙර ද රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණේ අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන බැවිනි.

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading

පුවත්

බාල පොහොර සොයා දිවයින පුරා විමර්ශන

Published

on

By

ප්‍රමිතියෙන් තොර පොහොර වෙළෙඳ  පොළේ ඇත්දැයි සොයා විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් පොලිස් භාරයට ගැනීමත් සමග එම විමර්ශනය ආරම්භ කළ බවය.

දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් එම විමර්ශනය සිදු කෙරෙනු ඇත.

පොළොන්නරුව සිරිපුර ගබඩාවක තිබී යුරියා පොහොර මිටි 1565ක් පොලිස් භාරයට ගැනිණි.

එහි සාම්පල පරීක්ෂණ සඳහා කොළඹට රැගෙන එන බව ද චන්දන ලොකුහේවගේ මහතා ප්‍රකාශ කළේ ය.

එම පොහොර ජාවාරම සම්බන්ධයෙන් 12 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ , සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved