තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම, ඉල්ලා අස්කරගෙන තිබේ.
අද (21) අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසය.
ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දී තිබේ.
මෙම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස මීට පෙර ද රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණේ අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන බැවිනි.