විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ අප්‍රේල් 12දා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසටය.