මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා වෙන්කරවා ගත හැකි ක්‍රමයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත්, එය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත්තේ ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර මේ වන විට 50,000 ක් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි.
මීට අමතරව නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිත බවද එහි වැඩිදුරටත් දැක්වේ.