විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදුකරන බවය.
ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.
මේ අතර, හදිසිම අවශ්‍යතාවකට හැර මෙම මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ජනතාවට දැනුම් දෙයි.