පුවත්

පැණි බීම වෙනුවට තරුණියකට පිරිසිදු කාරක දීලා

Published

on

පිටකොටුව පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණය ආපනශාලාවකින් ඇනවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසිදු කාරක අඩංගු බෝතලයක් ලබාදීමෙන් අනතුරුව එය පානය කල තරුණියක රෝගාතුර වී රෝහල් ගත කළ බව වේල්ල වීදිය පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන් තිදෙනෙකු සහ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සේවකයන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ ගත් බව පොලිසියය කියයි

එම ආපන ශාලාව තුළ තිබී තවත් හිස් පැණි බීම බෝතල් වල බහා තිබූ පිරිසිදු කාරක දියර අඩංගු බෝතල් දෙකක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

(ලංකාදීප)

Trending

Exit mobile version