මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (05) පස්වරු 6.00 සිට 06 වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජා ඇල, කටුනායක, සිදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ජා – ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙසේ ජල සැපයුම් අත්හිටුවන බවය.