Connect with us

පුවත්

පෑලියගොඩ අවටින් ඇල්ලූ ගණිකාවන් 25කට ගොනෝරියා හා හර්පීස්

Published

on

පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ කළුවිතාරණ ඇතුළු නිලධාරීන් විසින් පසුගිය සතියේ මෙම වැටලීම සිදුකර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා ගණිකා වෘත්තියේ නිරත කාන්තාවන් සම්බන්ධයෙන් ලද තොරතුරු මතය.

මේ අනුව කාන්තාවන් විසි පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ අවසර මත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අනුව කොළඹ ජාතික රෝහලේදී මෙම කාන්තාවන්ගේ ලේ සාම්පල රැගෙන කරන ලද පරීක්ෂණවලදී මෙම කතුන් විසි පස් දෙනාටම ගොනෝරියා, හර්පීස් වැනි සමාජ රෝග වැළඳී ඇතැයි හඳුනාගෙන ඇත.

මොවුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර හා පුනරුත්තාපන ක්‍රියාවලියකට යොමුකිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

පෑලියගොඩ පොලිස් වසමේ සිට ඇති මෙම කාන්තාවන් ලිංගිකව ඇසුරු කළ පුද්ගලයන් තම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන ලෙසත් වෛද්‍ය පරීක්ෂණවලට යොමුවන ලෙසත් පෑලියගොඩ පොලිසිය ඉල්ලා සිටියි. එසේම වීදි ගණිකාවන් හෝ ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් ඇසුරු කිරීමේදී සැලකිලිමත් වන ලෙස ද පොලිසිය සඳහන් කර සිටියි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ග්‍රෑන්ඩ් හයිට් හෝටලේ ඉතුරු ටික රජයේ මුදලින්

Published

on

By

කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත්, ඊට රජය මැදිහත්ව ඉදිකිරීම් සිදුකරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 60ක් වියදම් කර ඇති අතර ඒ මෙරට ජනතාවගේ මුදල් බව පැවසිය යුතුයි. මෙම හයට් හෝටල් ව්‍යාපෘතියට අදාළව තවත් ඩොලර් මිලියන 35 ක ණයක් ගෙවීමට තිබෙනවා.කොළඹ නගරයේ තිබෙන ඉතා වටිනා ඉඩමක් මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කර ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අප අදහස් කරනවා.ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ විශාල විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බව අපේ විශ්වාසයි.”

Continue Reading

පුවත්

සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක්

Published

on

By

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී  ඇත.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද එහි ආදායම් පරිපාලන කාර්යයන් සඳහා උපකාර කර ගැනීමට දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින පැරණි පද්ධතීන් අකාර්යක්ෂම වීම, ඉන් සිදුවන ආදායම් කාන්දු වීමට හා අක්‍රමිකතා වැනි දුර්වලතා ඇතිවීමට හේතු වී ඇති අතර මහජනතාවට හා අදාළ වෙනත් පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටද අපහසු වී ඇති බව සඳහන්ය.

එසේම අනෙකුත් ආයතන වල තොරතුරු තාක්ෂණ පද්ධතින් සමග ඒකාබද්ධ වී කටයුතු කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන්ද මතුව ඇති බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව, සියලුම දත්ත හුවමාරුව, අවදානම් කළමනාකරණය හා ආදායම් සැසඳුම යන මූලික කාර්යයන් ඉටුකර ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් හඳුන්වාදීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Continue Reading

පුවත්

විදෙස් නඩු තීන්දු පිළිගන්න අලුත් නීතියක්

Published

on

By

විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, විවාහයක් විසුරුවා හැරීම හෝ අවලංගු කිරීම හෝ විවාහයේ පාර්ශවයන් වෙන්වීම සඳහා ප්‍රදානය කරන ලද විදේශීය නඩු තීන්දුවක් පිළිගැනීම සහ ලියාපදිංචි කිරීම සඳහා වන විධිවිධානද ඇතුළත් කරමින් විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර තිබේ.

එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved