විපක්ෂයට වැඩි බලය හිමි පෑලියගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ පැරදුන නගරාධිපති අපේක්ෂකයා ලයිස්තුවෙන් පත් කිරීමට කතාබහක් ඇතිව ඇතැයි වාර්තා වේ.
එම සභාව ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරනු ලැබුවද එයට හිමිව ඇත්තේ සභික ධූර අටක් වන අතර විපක්ෂයට සභික ධූර 9ක් හිමිව තිබේ.
ඒ අනුව විපක්ෂයට, සමගි ජන බලවේගයට සභිකයන් 4ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 2ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, සර්වජන බලය හා පොදුජන එක්සත් පෙරමුණට සභිකයන් එක බැගින් හිමිව තිබේ.
මේ ප්‍රතිඵිලය අනුව කාන්තා නියෝජනය 25% සඳහා සමගි ජන බලවේගය සිය බෝනස් සභික ධූර වලින් 2ක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතුවේ.
මේ තත්ත්වය මත පූර්ව එකඟතාවයකින් පොදුජන එක්සත් පෙරමුණේ සභික ධූරය සඳහා කාන්තාවක් පත්කර, ඉන් කාන්තා 25% සම්පූර්ණ කර සජබ බෝනස් සභිකධූරය සඳහා පැරදුන සභාපති අපේක්ෂකයා පත් කිරීමට සූදානම් වන බව සජබ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙය මූල්‍යමය ගනුදෙනුවක් මත සිදුවන්නක් බවට ද වාර්තා පැතිර තිබේ.
මේ ගනුදෙනුව පිටුපස ද සජබ නායකයාගේ උපදේශක සිටින බව වාර්තා වේ.