තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ නිසා යළිත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.
ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි තම සමාගමේ සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළ බව ප්‍රීමා සමාගම පවසා තිබුණු අතර, ඒ අනුව බේකරි නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 200 ක් දක්වා අඩුවිය.