පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන වසරේ (2023) ජනවාරි 05 වැනිදාට පෙර සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා පැවසීය.
මැතිවරණ කොමිසම මීට පෙරදී කියා සිටියේ මෙමස අගදී එම දිනය ප්‍රකාශයට පත්කරන බවය. මැතිවරණ කටයුතු සඳහා අදාළ දින ගණන් බැලීමේදී නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කිරීමට අදාළ දින වන්නේ ලබන වසරේ ජනවාරි මුල් සතිය බවද සභාපතිවරයා කීවේය.
නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පවත්වන බවද ඔහු පැවසීය.
මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූ පක්ෂ සංඛ්‍යාව 86ක් පමණ වන බවද මේ අතර වාර්තා වේ.
මෙම පක්ෂවලින් ඇතැම් පක්ෂවල ඉහළ තනතුරු සම්බන්ධයෙන් නීතිමය ගැටලු ඇති වී තිබෙන බවද පැවසේ.
කෙසේවුවද, මැතිවරණ ප්‍රකාශ දිනය කල් දැමීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ප්‍රධානීන් පුංචිහේවටත් බාලගිරි දෝශය බෝවී ඇති බවට කතාබහත් පවතින බවද මේ අතර වාර්තා වේ.