පුවත්

පුංචි ඡන්ද දිනේ 03දා තීන්දු කරයි; 09 බැරිවුණේ ඇයි? නිදහසට හේතු!

Published

on

මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම් සම්බන්ධයෙන් හා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ විවිධ සාවද්‍ය අදහස් හා තොරතුරු ප්‍රකාශ වෙමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එහෙත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම, නාමයෝජනා භාරගැනීම, ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කිරීම ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව  මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ එකඟතාවෙන් ගැසට් නිවේදන 17ක් නිකුත් කර තිබෙන බවද  එම කොමිසම පෙන්වා දෙයි. 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා අවශ්‍ය  මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය හරහා ලබාගැනීමට මැදිහත් වන ලෙසට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටි බවද කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට අමතරව මාර්තු 09වැනිදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව සිදුකළ කාර්යයන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක්ද පසුගිය 24වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදීමට කටයුතු කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැනනැගී ඇති විවිධ කරුණු නිසා මාර්තු 09වැනිදා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙන අතර, ඉදිරියේදී ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ලබන මස 03වැනිදා ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

Trending

Exit mobile version