පුවත්

පුරප්පාඩු වූ පරිපාලන අමාත්‍යාංශ ලේකම් තනතුරට අලුත් කෙනෙක්

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත්කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය.

පසුගිය සැප්තැම්බර් 17 වනදා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා , පසුගිය රජය සමයේදී එම ධුරය දැරූ ප්‍රදීප් යසරත්න මහතා පත් කෙරුණි.

කෙසේ වෙතත්, එම ධුරයෙන් ඉවත්වන බව, දැනුම් දීමෙන් අනතුරුව ඔහු පසුගිය 30 වන දා සේවයෙන් විශ්‍රාම ගැනීමට කටයුතු ක.ලේ.

දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු යසරත්න මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත ඊට පෙර විශ්‍රාම ගැනීමට ඉල්ලිමක් කර තිබුණි.

Trending

Exit mobile version