සමගි ජනබලවේගය පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදී පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් සිදුකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා බදුල්ලේ පැවති රැස්විමකදීය.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය හැකි වුවත් එක්තරා නාලිකාවක් මෙම මන්ත්‍රීධූරය ලබා දීම සඳහා සජිත් මහතාට ඉඩ ලබා නොදෙන බව රැස්ව සිටි පිරිස අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කලේය.
මේ රටේ දේශපාලනය පාලනය කරන්නේ පෞද්ගලික නාලිකා බව පැවසු හරීන් ප්‍රනාන්දු මහතා හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ලබාදී පෙන්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා කිසිවෙකුටත් යටත් නොවන පුද්ගලයෙක් ලෙස තමන් පිලිගන්නා බව වැඩිදුරටත් සදහන් කලේය.