ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ.
ඒ අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දීයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් එය සිදුවන අතර මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ලෙස එය ඉතිහාසයට එක්වනු ඇති බව එහි සංවිධායකයින් පවසයි.