Connect with us

පුවත්

පෙම්වතියගේ තාත්තාව පෙම්වතා ගහලා මරලා!

Published

on

පෙම් පළහිලව්වක් දුරදිග යාම නිසා සිය පෙම්වතියග පියා ඝාතනය කර පෙම්වතියට ද තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇය රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

අවිස්සාවේල්ල හේවායින්න බදුවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී මෙම  අපරාදය සිදුව ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් නිසාවෙන්  මෙලෙස ඝාතනය සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම නිවසේ පදිංචිකරුවකු වන යක්දෙහි දේවගේ චන්ද්‍රපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පුවක්පිටිය උද්භිත උද්‍යානයේ මුරකරැවකු බව කියන 27 හැවිරිදි පුද්ගලයකු හදුනාගෙන ඇති බවක් සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි .

(ලංකාදීප)

පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

Published

on

By

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය 

Published

on

By

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Continue Reading

ඡායාරූප සටහන

ලංකාවට ජපානයෙන් ගිනි නිවන රථ

Published

on

By

රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.

ජපන් තානාපති ගරු අකිඔ ඉසෝමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අද (20) දිනයේදී කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.

ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින් අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved