පුවත්

පේරේ ඇඳුරෝ 70ක් රට ගිහින්; සිසුන්ගේ අධ්‍යාපනයට බාධා

Published

on

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තා වේ.

වසර 2022 ජනවාරි සිට මේ වසරේ මැයි වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනෙකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී ඇති බව මේ එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා මාධ්‍යට පවසා ඇත.

තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව ද මහාචාර්යවරයා හෙළිකර තිබේ.

මහාචාර්යවරුන්ගේ විදේශගත වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨයන්ට බවද ඒ මහතා අවධාරණය කර ඇත.

මෙම තත්වය මත සිසුන්ගේ අධ්‍යයන කටයුතු සිදුකරගෙන යාම ගැටලු සහගත තත්වයක ටපත්ව ඇති බවද ඔහු පෙන්වාදී ඇත.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version