පුවත්

පොලිස්පතිගේ සේවා දිගුව තවත් දිගු ‌වෙයි?

Published

on

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිත ව තිබේ.

ඔහුට මෙසේ සේවා දිගුවක් ලබා දී ඇත්ත‌ේ  තුන් වැනි වරටය.

එම සේවා දිගුව නොවැම්බර් මස 03 වැනිදා සිට බලපැවැත්විණි.

ඒ අනුව සති 03ක කාලයක් සඳහා මෙම සේවා දිගුව ලබාදුන් අතර, ඔහුට මේ වන විට අවස්ථා 04ක දී සේවා දිගු ලබා දී ඇත.

කෙසේ වෙතත් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතු ව ඇති බව ද වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ කිසියම් බෙදීමක් ද හටගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (18) දිනයේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වී ඇති අතර, එහි දී ද පොලිස්පතිවරයා ගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් මෙම සේවාදිගුව අවසන් වීමෙන් පසු වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ ද එසේත් නැත්නම් නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සිටිය ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ නම මීලග පොලිස්පති ධුරය සදහා නම් කිරීම හේතුවෙන් කිසියම් අර්බුදයක් මතු ව ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version