පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
අදාළ රිට් පෙත්සම පිළිබඳව කරුණු දැක්වීම සඳහා මේ මස 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කර ඇත.