පුවත්

පොලිස් නිලධාරීන් 2නෙකුට එරෙහි පැමිණිල්ලක් අධිකරණය නිෂ්ප්‍රභ කරයි

Published

on

සාමකාමී පෙළපාලියක් අවහිර කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබු පෞද්ගලික පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් තොරව නිෂ්ප්‍රභ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

ඒ පසුගිය ඔක්තෝබර් මස 10 වනදා ගාලුමුවදොර පැවැත්වූ සාමකාමි පෙළපාලියක් අවහිර කිරීමට මාර්ග බාධක යෙදීම තුළ දණ්ඩ නීති සංග්‍රහයේ අයුතු අවහිරය සහ ජාතික මංමාවත් පණත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් සහ සහකාර පොලිස් අධිකාරි නලීන් දිල්රුක්ට එරෙහිව ජනමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන තරිඳු ජයවර්ධන විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු අධ්‍යයනයෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම නීති කෘත්‍යය විභාගයට ගැනීමෙන් තොරව මුල් අවස්ථාවේදිම නිෂ්ප්‍රභ කරන බවය.

Trending

Exit mobile version