පුවත්

පොලිස් ලොක්කාට හැම්පර් දෙන්න එකතුකළ මුදල OIC අරන් මාරුවෙලා!

Published

on

නව වසර සදහා බස්නාහිර පළාතේ ඉහල පොලිස් නිළධාරියෙකුට හැම්පර් ලබා දීම සදහා බියගම පොලිස්යේ නිලධාරීන්ගෙන් එකතු කළ මුදල හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රැගෙන යාමෙන් මහා අලකලංචියක් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ ඉහල පොලිස් නිලධාරියාට හැම්පර් ලබාදීමට පැලියගොඩ පොලිස් කොට්ඨාසය මගින් එම කොට්ඨාසයේම පොලිස් ස්ථානවලින් රුපියල් 32,000/- ක මුදලක්එ කතු කර තිබේ.

පොලිසියේ නිලධාරීන් සිය මුදලින් එම මුදල එකතු කර ස්ථානාධිපතිවරයාට භාරදී ඇති අතර ඒ වනවිට ඔහුට ස්ථාන මාරුවිමක් ලැබි තිබී ඇත.

එකතු කළ ආදාළ මුදල් භාර දෙන ලෙස පෑලියගොඩ කොඨඨාශය මගින් දැනුම් දී ඇත්තේ නව ස්ථානාධිපතිවරයා වැඩ භාර ගත් දිනයේය.

එහිදී පොලිස් නිලධාරීන් නව ස්ථානාධිපතිවරයාට පවසා ඇත්තේ තමන් එම මුදල එකතු කර හිටපු ස්ථාධිපතිවරයාට ලබා දුන් බවයි.

මේ සම්බන්ධයෙන් පැරණි ස්ථාධිපතිවරයාගෙන් නිලධාරීන් විමසිමේදී පවසා ඇත්තේ එම මුදල් තමන් සථාන මාරුවීමේදී නිලධාරින් ත්‍යාගයක් ලෙස ලබා දුන් බවයි.

Trending

Exit mobile version