Connect with us

පුවත්

පොලිස් ස්ථාන මාරු කරන්න බලය තියෙන්නෙ පොලිස් කොමිසමට – අජිත් රෝහණ

Published

on

ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැති බව දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ලිපියක් මගින් ඔහු මේ බව එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට මේ බව දැනුම් දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමට බලය ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව ද අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් පෙන්වා දෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනකු මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ඊයේ (25) නියෝග කර තිබුණි.

ජාතික පොලිස් කොමිසමටත් ලිපියක්
මේ අතර, අජිත් රෝහණ මහතා සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යවා තිබේ.

එහි දැක්වෙන්නේ තමාව ස්ථාන මාරුව ද්වේෂසහගත, අසාධාරණ සහ සාධාරණීකරණය කළ නොහැකි ස්ථාන මාරුවක් බවය.  

ඔහු සිය ලිපියෙන් පවසන්නේ, “මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා මාව නැගෙනහිර පළාත ට මාරු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව හෙළිවෙයි. අමාත්‍යවරයාගේ එම තීරණය ද්වේෂසහගත, හිතුවක්කාර සහ සාධාරණීකරණය කළ නොහැකි තීරණයක්,” යනුවෙනි.

අජිත් රෝහණ මහතා පවසන්නේ අමාත්‍යවරයා මෙම සියලුම ද්වේශසහගත දේ කරනු ලබන්නේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හිරිහැර කිරීමට සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ව ආරක්ෂා කිරීමට බවය.

එබැවින් තමාගේ ගැටලුව සම්බන්ධයෙන් සලකා බලා තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ලබාදී ඇති ද්වේශ සහගත නිර්දේශය අනුමත නොකරන්නේ නම් මැනවයි යනුවෙන් අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිසමට යොමුකළ ලිපියෙහි දැක්වෙයි.

අජිත් රෝහණ මහතා විසින් වියානි ගුණතිලක මහතා වෙත හා චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපි ද්විත්වය මෙසේය :

පුවත්

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

Published

on

By

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.

චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.

ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.

Continue Reading

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By


හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


(පෙර පුවත 2025 ජුලි 04 ප.ව.4.33 )

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.


(පෙර පුවත 2025 ජුලි 04 පෙ.ව.10.41 )

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved