පුවත්

පොහොට්ටුවේ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී පුද්ගලයෙකුට පහර දෙයි

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කඩුවෙල නාගරික මන්ත්‍රී සමන් කුමාර පුද්ගලයෙකුට පහරදී තිබේ.

මෙම පහරදීම සිදුව තිබුණේ කඩුවෙල කොරතොට ග්‍රාම සංවර්ධන සමිතියේ රැස්වීමක් අතරතුරය.

කඩුවෙල කොරතොට ග්‍රාම සංවර්ධන සමිතියේ රැස්වීම ඊයේ (01) පවත්වා තිබෙන අතර නාගරික මන්ත්‍රීවරයාත් ඊට සහභාගී වී තිබේ.

එහිදී හිටපු නාගරික මන්ත්‍රීවරයා විසින් සමිතියේ සාමාජිකයෙකුට පහරදී තිබුණි.

පොලිසිය පැවසුවේ සංවර්ධන සමිතියේ අයවැය ප්‍රකාශකරන විට ”හොරා” යැයි පැවසීම අදාළ ගැටුමට හේතු වී ඇති බවය.

Trending

Exit mobile version