එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදැක්වීය.
එය ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමින් නම් කර තිබේ.
(පෙර පුවත 2024 සැප්තැම්බර් 02, පෙ.ව.9:20)
පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) එළිදැක්වීමට නියඉතය.
එම උත්සවය අද පෙරවරු 10.00ට කොළඹ අයි.ටී.සී රත්නදීප හෝටලයේ දී ජනතාව වෙත පිළිගැන්වේ.
“ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නව්‍යකරණ වැඩපිළිවෙල” ලෙස හඳුන්වා දී ඇති මෙම ප්‍රතිපත්තිමය වැඩපිළවෙළ 2025-2035 දස අවුරුදු වැඩපිළිවෙළකින් යුක්තය.
එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය 30 වැනිදා සුභ මොහොතින් පිළිගැන්වුණි.