පොදු ජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ.
අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු ජන රැළියේදී නවනන්ද මහතාගේ එජාප සම්ප්‍රාප්තිය සිදුවිය.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වෙන අතර එහිදී මේ බව නිවේදනය කෙරුණි.
පෙර පුවත 01-05-2024 -12:47pm
——————————
පොහොට්ටු මන්ත්‍රී රනිල්ගේ මැයි රැළියට
මොණරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ (පොහොට්ටු) මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා පොහොට්ටු මැයි රැළියට සහභාගි නොවී එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට සම්බන්ධ වී ඇතැයි වාර්තා වේ.
ඔහු මේවන විට එක්සත් ජාතික පක්ෂයේ වැල්ලවාය ආසන සංවිධායකවරයා ලෙස ඔහු කටයුතු කරනු ලබයි.
ගයාෂාන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මොණරාගල දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂයෙන් තේරුණ මන්ත්‍රීවරු පස්දෙනාගෙන් මනාප ඡන්ද 45,384 ක් ලබාගනිමින් පොහොට්ටු ලයිස්තුවේ පස්වැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්විය.