පුවත්

පොළොන්නරුව මනම්පිටිය දුම්රිය නවතී

Published

on

පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ගයේ බස් රථ ඇතුළු වාහන ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් පසුගිය 19 දා සිට පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව තාවකාලිකව ආරම්භ කෙරිණි.

ජලය බැසයාම හේතුවෙන් පොලීසිය පොළොන්නරුව හා මනම්පිටිය මාර්ගය රථ වාහන ධාවනය සඳහා අද පෙරවරුවේ සිට විවෘත කළේය.

ඒ හේතුවෙන් පොළොන්නරුව මනම්පිටිය දුම්රිය සේවාව නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Trending

Exit mobile version