කොළඹ වරාය පරණ ලේකම් කාර්යාලය අසල එස්.ඒ.ජී.කේ. දොරටුව අසල ඉදිකිරීම් සදහා චීන සමාගමක් විසින් කළ කැණීමකදී මිනිස් ඇටසැකිල්ලක් හමුවී ඇති බව කොළඹ වරාය පොලිසිය පවසයි.
අධිවේගී මාර්ගයක් සඳහා සමාගමේ සේවකයන් කැණීම් කරන අවස්ථාවේදී එම ස්ථානයේ අඩි 6 ක් පමණ ගැඹුරින් තිබියදී මෙම ඇටසැකිල්ල හමුවී ඇති බවයි වාර්තා වේ.
එම ඇටසැකිල්ල වර්ෂ ගණනක් පැරැණි බවට සැක පළ කරන බව පොලිසිය සඳහන් කරයි.
මිනිස් ඇටසැකිල්ල තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමටද නියමිතය.