පුවත්

පෝලන්ත දේශසීමාවට වැටුන මිසයිලය නිසා මරණ 2ක්

Published

on

යුක්‍රේන දේශසීමාව ආසන්නයට මිසයිලයක් පතිතවීමෙන් පෝලන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මුලින් වාර්තා වූයේ මේ හේතුවෙන් පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, එය රුසියාව විසින් එල්ල කර ඇති බවත්ය. කෙසේ වෙතත්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙය ප්‍රතික්ෂේප කර තිබුණි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ද පවසා ඇත්තේ මෙම මිසයිලය රුසියාවෙන් එල්ල කළ එකක් යැයි සිතිය නොහැකි බවයි.

පෝලන්ත ජනාධිපතිවරයා ද පවසා ඇත්තේ මෙම මිසයිල දියත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව පැවසීමට “නිශ්චිත සාක්ෂි” නොමැති බවයි.

Trending

Exit mobile version