පුවත්

බංග්ලාදේශ මහ බැංකුව ලංකාව සමග ACU ගනුදෙනු අත්හිටුවයි

Published

on

ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) ගෙවීම් යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමග ගනුදෙනු නොකරන ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකුවලට දැනුම් දී තිබේ.

ඒ ඉකුත් 14 වෙනිදා සිට ආසියානු නිෂ්කාශන සංගමය ගෙවීම් යාන්ත්‍රණයෙන් තාවකාලිකව ඉවත් වී සිටීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කිරීම හේතුවෙනි.

බංග්ලාදේශ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආසියානු නිෂ්කාශන සංගමය යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමග කිසිදු වෙළඳ හා වෙළඳාමක් සම්බන්ධ ගනුදෙනු නොකරන ලෙස සියලුම බැංකුවලට දැනුම් දුන් බවය.

ආසියානු නිෂ්කාශන සංගමය යනු අන්තර් කලාපීය ගෙවීම් පියවීම සිදුකරන යාන්ත්‍රණයක් වන අතර එය ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ මූලිකත්වයෙන් 1974 දී පිහිටුවන ලදී.

Trending

Exit mobile version