පුවත්

බණ්ඩාර වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කරයි

Published

on

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය විසින් අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව නිල ලිපියක් එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා වෙත යවා තිබේ.

ඒ අනුව මෙම නව පත් කිරීම නොවැම්බර් 03 වනදා සිට ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යධිකාරීවරයා ලෙස බණ්ඩාර මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය ඔක්තෝම්බර් මස 10 වැනිදා තීරණය කළේය.

Trending

Exit mobile version