Connect with us

පුවත්

බත්තරමුල්ලේ මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවෙයි

Published

on

ඊයේ (02) දින බත්තරමුල්ල පිහිනුම් තටාකයක් තුළ මියගොස් සිටියදී හමුවූ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය එහි රැගෙන ආ යුවළක් විදෙස්ගත වී ඇති බවයි.

සබැඳි පුවත් :

ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් පිහිනුම් තටාකයකින් හමුවේ

පුවත්

නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි – PWJA

Published

on

By

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට වත්මන් නීතිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ හෙළාදකින බව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි යැයි කියන එම සංගමය පසුගිය කාලය තුළ උතුරේ, දකුණේ මෙන්ම නැගෙනහිරත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ ඝාතකයන් කඩිනමින් නීතිය හමුවට ගෙන ආ යුතුව තිබියදී, මෙවැනි නිර්දේශයක් කිරීම ගැනද ඔවුන් සිය විරෝධය දක්වා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

එම සැකකරුවන් නිදහස් කිරීම පමණකින් නොනැවතී ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන ලෙසත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ අත්සනින් නිකුත්ව ඇති ලිපිය සම්බන්ධයෙන් බරපතල සැකයක්ද අපට මතුව තිබේ.

ඒ කාලයක් මුළුල්ලේ ආණ්ඩු හැසිරවූ යටි ආණ්ඩු නැවතවරක් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත්ද යන බරපතල සැකය නිසාය.

එසේම මෙය නිදහස්, සත්‍යවාදී මාධ්‍යවේදීට සිදු කළ අනතුරු ඇඟවීමක්ද යන්න පිළිබඳව ද මේ නීතිපති තීන්දුවත් සමඟ නැවත සිතා බැලීමට සිදුව තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික ජනබලවේගය කියා තිබුනේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සිවරාම් ඇතුලුව ඝාතන 7 ක් පිළිදව කඩිනම් පරික්ෂණ සිදු කරණ බවය.

එවැනි ප්‍රකාශිත පසුබිමක් තිබියදී නීතිපතිවරයාගේ මේ අත්තනොමතික ක්‍රියාව සම්බන්ධයෙන්ද සොයා බැලීමට කිට්ටුවෙන් නිරීක්ෂණය කිරීමට ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුවේ මූලිකයන් ඇතුළු එහි සාමාජිකයන්ට වගකීමක් වගවීමක් ඇතැයි අපි මතක්කර දෙන්නෙමු.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

රනිල් හා සජිත් එකතුවට එරෙහි විරෝධතාව, ප්‍රසාද්, සුජීව හා චරිත්ගේ වැඩක්!

Published

on

By

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන උගුලට හසුනොවන ලෙස සමගි ජන බලවේගයේ නායකත්වයට බලකරමින් පෙබරවාරි 08 දා පෙරවරුවේ එම පක්ෂයේ මුලස්ථාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

එම විරෝධතාවය සුජීව සේනසිංහ, ප්‍රසාද් සිරිවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ චරිත් අබේසිංහ විසින් සංවිධානය කරන ලද්දක් බවට වාර්තා පැතිර තිබේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බවට පැතිරෙන කථා අසත්‍ය බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටී.

එම සාකච්ඡා සාර්ථක කර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය හිමිව ඇති බවත් මහලේකම්වරයා පවසයි.

පක්ෂ දෙකේම ඉතා සුලු පිරිසක් පමණක් ඔවුන්ගේ පටු වාසි තකා පක්ෂ දෙක ඒකාබද්ධ වීමට අකමැති බවත් එම පිරිසේ විරෝධය නොතකා රට වෙනුවෙන් පක්ෂ දෙක ඒකාබද්ධ වීම සිදුවන බවත් ඔහු කීවේය.

මූලාශ්‍රය – theleader.lk

Continue Reading

පුවත්

නාමල් රාජපක්ෂට නොතීසි

Published

on

By



රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනාව වලින් චෝදනා එල්ල කර තිබේ.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු සහ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඉකුත් යහ පාලන රජය සමයේ කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන පැවැත්වා ඇත.

මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණි.

එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved