Connect with us

පුවත්

බදියුදීන්ගේ  සහාය කාටද?

Published

on

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා උදෑසන 10ට ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කලේය.

ඔවුන් දැනටමත් සමගි ජන බලවේග සන්ධානයේ සිටින නිසාවෙන් එම රැස්වීම් වලට සහභාගී වන බවත් එහිදී සමගි ජන බලවේගයට සහාය ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කර තිබෙන බවත් රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

තවද වර්තමාන ජනාධිපතිවරයාත් සහයෝගය ලබාදෙන ලෙස ලිපියක් එවා ඇති බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

පුවත්

වියදම් නොදුන් අපේක්ෂකයින් නීතිය හෑල්ලු කරනවා

Published

on

By

පසුගිය මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව වැය වූ මුදල් ප්‍රමාණය මෙතෙක් හෙළි නොකරන අපේක්‍ෂකයන් මැතිවරණ නීතිය හැල්ලුවකට ලක් කරන අය විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එස්.රත්නායක මහතා පවසයි.

මෙම පිරිසට මේ සඳහා ලබාදුන් අවසන් දිනය ඊයේ (06) බවත්, ඒ සඳහා වැයවූ මුදල ලියාපදිංචි තැපෑලෙන් හෝ දැනුම්දීමක් කළ අයට ගැටලුවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම අවසන් දිනය දීර්ඝ නොකරන බවද වැය වූ මුදල් නිසි ආකාරයට දැනුම් නොදුන් දේශපාලකයන්ට එරෙහිව නීති ප්‍රකාරව පොලිසිය මගින් නඩු පවරන බවද ඔහු සදහන් කලේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන්ගෙන් මේ වනවිට 2000කට වැඩි පිරිසක් වැය වූ මුදල් ප්‍රමාණය පිළිබඳව දැනුම් දී ඇති බවය.

Continue Reading

පුවත්

OICලා 54කටත් ඉදිරියේදී ස්ථාන මාරු

Published

on

By

පොලිස් ස්ථානාධිපතිවරු පනහකට වැඩි සංඛ්‍යාවක් ඉදිරි දිනවලදී ස්ථාන මාරු කිරීමට නියමිත බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි.

පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කළේ මෙලෙස ස්ථාන මාරු ලැබීමට නියමිත පිරිස අතර කොළඹ දිසාව යටතේ රාජකාරි කරන පොලිස් ස්ථානාධිපතිවරුන් රැසක් සිටින බවය.

පොලිස් කොට්ඨාසවල රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට ද ස්ථානාධිපති තනතුරු ලැබීමට නියමිත බවද වාර්තා වේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් පරීක්ෂකවරුන්ට මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථානාධිපති තනතුරුවල වසර කිහිපයක් තිස්සේ රාජකාරි කරන නිලධාරීන්ටද මෙලෙස නව ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 54 දෙනෙකුට පසුගිය සතියේ ද ස්ථාන මාරු ලබා දී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ, ක්‍ෂේත්‍ර බළකා මූලස්ථාන අධ්‍යක්ෂ, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීන් රැසක් ඒ අතර සිටියි.

Continue Reading

පුවත්

මිලියන 55ක් වංචා කළ දොස්තර අත්අඩංගුවට

Published

on

By

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 වන වෛද්‍යවරයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved