පුවත්

බදියුදීන්ගේ  සහාය කාටද?

Published

on

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා උදෑසන 10ට ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කලේය.

ඔවුන් දැනටමත් සමගි ජන බලවේග සන්ධානයේ සිටින නිසාවෙන් එම රැස්වීම් වලට සහභාගී වන බවත් එහිදී සමගි ජන බලවේගයට සහාය ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කර තිබෙන බවත් රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

තවද වර්තමාන ජනාධිපතිවරයාත් සහයෝගය ලබාදෙන ලෙස ලිපියක් එවා ඇති බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Trending

Exit mobile version