Connect with us

පුවත්

බන්ධනාගාර නිලධාරීන් 3කගේ වැඩ තහනම්!

Published

on

ඝාතන සිදුවීමකට අදාලව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රදවා සිටින සැකකාර දරුවන් තිදෙනෙක්ට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අසළදී දරුවන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් බන්ධනාගාර වෑන් රථයට භාණ්ඩ තොගයක් පැටවූ බවට එල්ල වී ඇති චෝදනාව මත බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

එම අවස්ථාවේදී අදාල ආරක්ෂණය සිදු කළ නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමේන් පසුව විනය පරීක්ෂනයට යටත්ව වැඩතහනම් කළ බවත් ඉදිරියේදී විමර්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒකනායක මහතා සඳහන් කරයි.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම මස 18 වැනිදා අදාල දරුවන් ඉදිරිපත් කර නඩු කටයුතු අවසන් වීමේන් පසු නැවත මාකොල ළමා නිවාසය වෙත ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් භාරයේ සිටි බවත් දරුවන් ආරක්ෂණය කළ බන්ධනාගාර වෑන් රථය අධිකරණය අසළ මාර්ගයක නවතා භාණ්ඩ රථයට පටවන ආකාරය සමාජ මාධ්‍ය සහ ප්‍රසිද්ධ මාධ්‍යන්වල ප්‍රචාරය වී තිබූ බවත් ඒකනායක මහතා කීය.

එම සිද්ධියට අදාල විඩියෝවක් බන්ධනාගාර බුද්ධි අංශ වෙත ලැබී ඇති බව කී ඒකනායක මහතා ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් විමර්ෂණක් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved