Connect with us

පුවත්

ආණ්ඩුව රට වෙන්දේසි ලන්තයක් කරලා – සජිත්

Published

on

ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු වුවත්, ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් සකස් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මෙසේ කියා සිටියේය.

එහිදී ඔහු පැවසුවේ, වත්මන් රජය රට වෙන්දේසිලන්තයක් බවට පත් කර ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“අවසාන මොහොතේ IMF වැඩසටහනකට යෑම තුළ රජය අපොහොසත් වුණා රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් රටට ලබා ගත හැකි හොඳම ගිවිසුම රටට ලබා  ගන්න. ඉතා පැහැදිලියි ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතුමයි.

බංකොළොත් රටකට අලාභ ලබන ආයතන නඩත්තු කිරීමේ හැකියාවක් නෑ. එනමුත් මේ මොහොත වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ දුර්වල ප්‍රතිපත්ති නිසා ලෝකයේ සිටින ධන කුවේරයින්ට විවිධ ජාත්‍යන්තර ආයතනවලට රටේ සම්පත් කුණුකොල්ලයට විකුණන ඒ තුළ ජාවාරම්කාරී ධන කුවේරයින්ට අපේ රට වෙන්දේසිලන්තයක් බවට පත්වෙලා තියෙනවා.

ලාභ ලබන ආයතන විකිණීමේ සැලසුම රාජය ක්‍රියාත්මක කරනවා. මෙතනදී රජය සිදුකළ යුත්තේ සිංගප්පූරුවේ හා මැලේසියාවේ වැනි විවිධ ආකෘති අනුගමනය කරලා අපේම රටේ ආකෘතියක් සකස් කරගත යුතුයි. අලාභ ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමටත්, ලාභ ලබන ආයතන වැඩි ලාභයක් ලබන ආයතන බවට පරිවර්ථනය කර ගැනීමටත්.”

පුවත්

ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්වයි

Published

on

By

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

සෞඛ්‍යයට අහිතකර ඖෂධ සැපයූ සැපයුම්කරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද නිර්දේශ කර තිබේ.

තත්වයෙන් අසමත් ඖෂධ සැපයූ සමාගම් අසාදු ලේඛන ගත කිරීමටද මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

පිළිගත් විධිමත් ක්‍රමවේදයන්ට පටහැනිව ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේදී ඇතිවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද නිර්දේශ කර ඇත. රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වල ගුණාත්මක තත්ත්වය තහවුරු කිරීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ යුතු බවටද නිර්දේශ කර ඇත.

(ලංකාදීප )

Continue Reading

පුවත්

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙක් අත්අඩංගුවට

Published

on

By

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙකු  ඊයේ (17) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි තරුණයන් සයදෙනා එම දුම්රියෙන්ම ගමන් කරමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින හැටන් ප්‍රදේශයේ පදිංචි සිසුවියකට  අවස්තා කිහිපයකදි හිරිහැර කර ඇති බවත්, එම හිරිහැර ඉවසා ගැනිමට නොහැකිව සිසුවිය විසින් දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ පිලිබදව කල දැනුම් දිමක් මත ඇයගේ දෙමව්පියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකාර තරුණයන් හයදෙනා හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කලේ,අත්අඩංගුවට ගත් තරුණයන් සයදෙනා කොළඹ අවට පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18)  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Continue Reading

පුවත්

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුම අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

Published

on

By

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිත්තෙන් ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි.

එහිදී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් මෙම සැමරුමට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ විරෝධය පළ කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved