බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට සුරාබදු නිලධාරීන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන හලක් අසලදී අද (07) පස්වරුවේ අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබුණි.
වෙඩිතැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී තිබූ අතර පසුව එම රථ දෙකම පළා ගොස් තිබුණි.
ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පොලිස් මාර්ග බාධක යොදා තිබූ අතර වැල්ලවත්ත මාර්ග බාධකයේදී වෙඩිතැබූ පිරිස ගමන්ගත් වෑන් රථය පොලිස් භාරයට ගෙන තිබේ.
එහිදී ආනවරණ වී ඇත්තේ එම රථයේ ගමන් කර තිබුණේ සිවිල් ඇඳුමින් සැරසුණු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව්දෙනෙකු බවත්, මෝටර් රථයට වෙඩිතබා ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටිතැයි සැකකර බවත්ය.
(මූලාශ්‍රය : අදදෙරණ)