පුවත්

බලපත්‍ර අත්හිටුවූ මෙන්ඩිස් හා රන්දෙනිගලට අරක්කු හදන්න යළි අවසර

Published

on

තාවකාලිකව අත්හිටුවා තිබූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම සහ රන්දෙණිගල සමාගම් සඳහා යළි මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවසර ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බදු ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබූ එම සමාගම් බදු මුදල් ගෙවීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ ඒ අනුව එම සමාගම් දෙක විසින් මෙලෙස ගෙවා ඇති බදු මුදල් ප්‍රමාණයේ එකතුව මිලියන 116ක් බවය.

Trending

Exit mobile version