බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව සැප්තැම්බර් 27 දා – ඔක්තෝබර් 02දා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇත.
මේ හේතුවෙන් සැප්තැම්බර් මස 26දා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.
එමෙන්ම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.