බස් රථ මගී ගාස්තු 5%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේසිංහ මහතා අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කලේය.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් අඩු කර ඇති අතර නව ගාස්තුව රුපියක් 28කි.
මෙම ගාස්තු සංශෝධනය ජූලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.